අංක 09 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මූලික පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විය
අංක 09 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පිළිබඳ මූලික පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය 2026 නොවැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 49 CBRNE පක්ෂාංගයේදී පැවැත්විය.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව්.ඒ.ඩී.සී. විජේසිංහ මහතා සහභාගී විය.
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ හදිසි තර්ජනාත්මක තත්ත්වයන්හිදී පළමු ප්‍රතිචාර දක්වන්නන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආත්මවිශ්වාසය තෝරාගත් සේවා පුද්ගලයන් වෙත ලබාදීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ විය.
අංක 09 CBRNE මූලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු, ගුවන් භටයින් හත්දෙනෙකු, ගුවන් කාන්තාවන් දසදෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 24 දෙනෙකු සහභාගී විය. පාඨමාලාව සාර්ථකව අවසන් කළ සියලුම දෙනා වෙත මෙහිදී සහතිකපත් ප්රදානය කරන ලදී.
මෙම පාඨමාලාවේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් නිලධාරී අංශයේ දක්ෂතම CBRNE පළමු ප්‍රතිචාර දක්වන නිලධාරියා ලෙස විංග් කමාන්ඩර් එස්.පී. තෝරදෙණිය මහතා සම්මානය ලබා ගන්නා ලදී.
සිය විශිෂ්ට කුසලතා සහ කැපවීම ඇගයීමට ලක් කරමින් නාවික අංශයේ දක්ෂතම CBRNE පළමු ප්‍රතිචාර දක්වන නාවිකයා ලෙස ලීඩින් සීමන් (කිමිදුම්) ඩබ්ලිව්.එස්.එම්. දබරේරා මහතා සම්මානය ලබා ගන්නා ලදී.