ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු හා සංවර්ධන වැඩමුළුව සාර්ථකව පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල්වල සේවයේ නියුතු ගුරුභවතුන්ගේ වෘත්තීය නිපුණතා සහ ඉගැන්වීමේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද දෙදින පුහුණු හා සංවර්ධන වැඩමුළුව 2026 ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් මස 01 යන දෙදින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විය.
මුල් ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය විසින් හඳුන්වා දී ඇති නවතම ප්‍රතිසංස්කරණවලට අනුකූලව නවීන ඉගැන්වීමේ ක්‍රමවේද, ක්‍රීඩා පාදක ඉගෙනුම් ක්‍රම සහ STREAM අධ්‍යාපන ප්රවේශයන් හඳුන්වාදීම තුළින් පෙර පාසල් ගුරුභවතුන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා ඉහළ නැංවීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.
වැඩමුළුවේ පළමු දිනය නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරුව වර්ධනය කිරීම අරමුණු කරගත් අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. ගුවන් හමුදා පෙර පාසල් පිළිබඳ තාක්ෂණික උපදේශිකා ආචාර්ය තුෂාරි කෝරලගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ Giggles International Montessori ආයතනයේ සහයෝගයෙන් මෙම සැසි පැවැත්විණි. මීට අමතරව, Asian Grammar School සහ Giggles International Montessori ආයතනවල වැඩබලන විදුහල්පතිනි විහානි තෙන්නකෝන් මහත්මිය විසින් ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වන ලදී.
වැඩමුළුවේ දෙවන දිනය මුල් ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය විසින් අපේක්ෂා කරනු ලබන ප්රමිතීන් සහ අවශ්‍යතා පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. එමෙන්ම, පන්තිකාමර ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණීය හා අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් ගායනය, නර්තනය සහ ශරීර චලන ආශ්රිත තාල රටා (Body Percussion) වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද මෙහිදී සිදු කරන ලදී.
වැඩමුළුවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහභාගී විය. මෙම අවස්ථාවට අධ්යක්ෂ ජනරාල් සුබසාධක එයාර් වයිස් මාර්ෂල් අශෝක කෝරළගේ, අභ්‍යන්තර හා මහජන සුබසාධන අධ්යක්ෂ එයාර් කොමඩෝර් සුලෝචනා මාරප්පෙරුම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කොළිත අබේසිංහ යන නිලධාරීන් ද, අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් ද සහභාගී විය.
සමාප්ති උත්සවයේදී වැඩමුළුව සඳහා සහභාගී වූ ගුරුභවතුන් වෙත සහතිකපත් ප්රදානය කිරීම සිදු කෙරුණු අතර, වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා වටිනා දායකත්වයක් ලබාදුන් විශේෂ ආරාධිත අමුත්තන් සහ සම්පත් දායකයින් වෙත ඇගයීමේ සමරු තිළිණ ද පිරිනමන ලදී. තවද, ගුරුභවතුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ කලාත්මක අංගයන්ගෙන් උත්සවය වර්ණවත් වූ අතර ඒ සමඟින් දෙදින වැඩමුළුව සාර්ථකව අවසන් විය.

First Day
Second Day