කොග්ගල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 'ස්කයිඩයිවිං' (Skydiving) ක්‍රියාකාරකම් හඳුන්වා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේදී 'ස්කයිඩයිවිං' (Skydiving) හෙවත් අහසින් පැනීමේ ක්‍රියාකාරකම් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්රවල වැදගත් සන්ධිස්ථානයක් අද (2026 නොවැම්බර් 12) සනිටුහන් විය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් දම්මික ඩයස් මහතා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී. මෙම හවුල්කාරී වැඩසටහන, ගුවන් සේවා, ආරක්ෂක සහ සංචාරක යන ක්ෂේත්‍ර අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) මණ්ඩල රැස්වීම් ශාලාවේදී මෙම ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පැවැති අතර, ඊට අදාළ ආයතනවල නියෝජිතයෝ ද සහභාගී වූහ.
දේශීය හා විදේශීය සංචාරකයින්ට ආරක්ෂිත සහ විධිමත් පරිසරයක් තුළ 'ස්කයිඩයිවිං' අත්දැකීම ලබා ගැනීමට නව අවස්ථා නිර්මාණය කිරීම හරහා, ශ්‍රී ලංකාවේ වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය (Adventure Tourism) ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එමෙන්ම, මෙරට මනරම් භූ දර්ශන අහසේ සිට දැක බලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් සංචාරකයින්ට ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමටත්, රටේ සංචාරක කර්මාන්තය විවිධාංගීකරණය කිරීමට දායක වීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.