ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ වාර්ෂික සර්ව රාත්රික පිරිත් සජ්ඣායනා පිංකම පැවැත්විය
ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ 44 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස වාර්ෂික සර්ව රාත්රික පිරිත් සජ්ඣායනා පිංකම 2026 නොවැම්බර් මස 12 වන දින පවත්වන ලදී. මෙම ආගමික වැඩසටහන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්රදීප් පියරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කර තිබූ අතර ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ 44 වන සංවත්සරය 2026 නොවැම්බර් මස 09 වන දින සමරන ලදී.
මෙම පුණ්යකර්මය සඳහා කඳවුරේ නිලධාරීන් සහ ගුවන් භටයන්ගේ සහභාගීත්වය හිමි වූ අතර මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, ආබාධිත රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද ප්රාර්ථනා කිරීම මෙහි අරමුණ විය.
පිරිත් සජ්ඣායනාව ආරම්භ කිරීමට පෙර සධාතුක කරඬුව අලංකාර ආගමික පෙරහැරකින් කඳවුරේ ගුවන් මෙහෙයුම් අංශය වෙත වැඩම කරවන ලදී. අනතුරුව කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්රදීප් පියරත්න මහතා විසින් සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරීමේ චාරිත්රය සිදු කරන ලදී.
සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව, 2026 නොවැම්බර් මස 13 වන දින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා කඳවුරු අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන්, අනෙකුත් නිලයන්හි සාමාජිකයන් මෙන්ම ප්රදේශයේ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගීත්වයෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව සාර්ථකව අවසන් කරන ලදී.