ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාපතිතුමන්ගේ 2026 වාර්ෂික පරීක්ෂණය සාර්ථකව අවසන් විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා ස්ථානය, කොළඹ ගුවන් හමුදා ස්ථානය සහ ඊට අනුබද්ධ ආයතන ආවරණය වන පරිදි සිදුකරන ලද පුළුල් සමාලෝචනයකින් අනතුරුව ගුවන් හමුදාපතිතුමන්ගේ 2026 වාර්ෂික පරීක්ෂණය 2026 නොවැම්බර් මස 13 වන දින සාර්ථකව අවසන් කරන ලදී.

දින ආරම්භයේදී ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් වෙත සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව සිය රාජකාරි කටයුතු සඳහා දැක්වූ කැපවීම සහ විශිෂ්ට සේවය අගයමින් ගුවන් භටයන් 71 දෙනෙකු සහ සිවිල් සේවකයෙකු වෙත ප්‍රශංසා සහතික පිරිනැමීම ගුවන් හමුදාපතිතුමන් විසින් සිදු කරන ලදී.

ප්‍රශංසා සහතික හිමි වූ ගුවන් හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවකයාගේ නාම ලේඛනය පහත දැක්වේ.

ප්‍රධාන බලලත් නිලධාරී

•    බී.ජී.පී  ප්‍රනාන්දු (Ops Grd (Sp))

බලලත් නිලධාරී

•    කේ.පී.ඩී  පතිනායක (A&P Fitt (Sp))
•    පී.පී.ඩී  චතුරංග (A&P Fitt (Sp))
•    ඩබ්ලිව්.එම් එස්  පුෂ්ප කුමාර (Ops Grd (Sp))
•    ඩබ්ලිව්.ඒ.ඩී.ඒ  මෙත්තනන්ද (Log Supsr (I))
•    යූ.එස්.ආර්  ද සිල්වා (Aero E&I Fitt (Sp))
•    ඩබ්ලිව්.ඒ.ආර්  ලක්මාල් (Ops Grd (Sp))
•    ඩී.ඒ.සී.පී  ගුණවර්ධන (Admin Splst (I))
•    කේ.යූ  නයනානන්ද (Admin Splst (I))
•    ඊ.එච්.ඩී  සම්පත් (Acct Splst (I))
•    ඊ.ආර්.එන්.ඒ  ඇලේවත්ත (Water Wks Tech Splst (I))
•    බී.ඒ.එස්  අනුරාධ (Acct Splst (I))
•    එම්.එස්.එස්  සිල්වා (Admin Splst (I))
•    ඒ.එම්.ජී.අයි.බී  අත්තනායක (A&P Fitt (Sp))
 
බලපංති  සැරයන්

•    ආර්.එම්.ඩී.එස්  රත්නායක (Ops Grd (I))
•    පී.බී.එම්.යූ  බණ්ඩාර (Ops Grd (I))
•    පී.එල්.එන්  සමීර (MT Fitt (Sp))
•    ජේ.ඒ.එස්.ටී  ජයසිංහ (HCO (Sp))
•    ඩබ්ලිව්.ඒ.එස්.ඩී  වික්‍රමනායක (Comp Tech (I))
•    එච්.බී.ඩී  තිලක්ෂා (Comp Tech (I))
•    එන්.ජී.එල්  කුමාරතුංග (Admin Splst (I))
•    ඩී.ඒ.ඩී.සී.පී  කුමාර (Ops Grd (Sp))
•    එච්.එම්.ඩබ්ලිව්  පුෂ්පකුමාර (Ops Grd (Sp))
•    ආර්.ඒ.ආර්.පී.කේ  රාජපක්ෂ (Acct Splst (I))
•    එම්.ඒ.ඩී.ඒ  ජයවීර (Log Supsr (I))
•    කේ.ඒ.ජී.ඒ.එන්  රත්නායක (MT Fitt (I))
•    එල්.ආර්.කේ  ලියනගේ (Ops Grd (Sp))
•    ජේ.එම්.සී.ඩී  ජයසුන්දර (PTI (I))
•    එල්.එම්.එල්.ටී  වාසනා (A&P Fitt (Sp))
•    ආර්.ඒ.එස්.එල්  බණ්ඩාර (Grd Stwd Junr Supsr (I))
•    එස්.එම්.එස්.පී  ආනන්ද (Ops Grd (Sp))
•    ඒ.ඩී.සී.එන්  සමරසිංහ (Dvr Mech (II))
•    කේ.ආර්.එස්  රංජන්කුමාර (Elect Tech (I))

සැරයන්

•    ඩී.එම්.එල්.ඩී  නවරත්න (Ops Grd (I))
•    එච්.එම්.එස්  බණ්ඩාර (Ops Grd (I))
•    කේ.ඒ  නිශාන්ත (Provost (I))
•    ඒ.එම්.ටී.ඩී  අබේකෝන් (Cat Junr Supsr (I))
•    ඔී.ජී.ඩබ්ලිව්.ඩී.බී  ඒකනායක (Acct Splst (I))
•    ඩබ්ලිව්.එස්  කුමාරසිංහ (Comp Tech (I))
•    එච්.ඩී.එන්  බණ්ඩාර (Den Tech (I))
•    ඩබ්ලිව්.ජී  තිස්ස කුමාර (Comp Tech (I))
•    ඩබ්ලිව්.ඒ  නිරංජිත් (Admin Splst (I))
•    එච්.ජී.ජී.සී  රූපසිංහ (Admin Splst (I))
•    ජේ.එම්.පී.ආර්.බී  රණසිංහ (Arm Fitt (Sp))
•    එස්.ආර්.ටී  සිංහබාහු (Log Supsr (I))
•    එස්.ඒ.අයි.එන්  සමරසිංහ (MT Fitt (I))
•    ඊ.ඒ.ඩී  දිල්හාන් (Admin Splst (I))
•    කේ.ඩබ්ලිව්.ජී  මධුවන්ත (Admin Splst (I))
•    ඒ.එල්  මධුශංක (Admin Splst (I))
•    ඩබ්ලිව්.ජී වාසනා කුමාර (Qty Ser Asst (I))
•    පී.ආර්  තරංග (Ops Grd (III))
•    කේ.වයි  දිනුෂා (Grd Stwd (II))

කෝප්‍රල්

•    ආර්.ජී.ඩී.පී  රාජපක්ෂ (Comp Tech (I))
•    ආර්.එම්  සරත් කුමාර (Ops Grd (I))
•    ඊ.ජී.එම්.එල්.ආර්.සී  එගොඩවත්ත (Ops Grd (I))
•    ඊ.එන්.පී  ඒකනායක (Ops Grd (I))
•    එම්.එච්.එන්  ලක්මාල් (Comp Tech (I))
•    ඩබ්ලිව්.එච්.එස්.වී  ප්‍රනාන්දු (Comp Tech (I))
•    වයි.එස්  හුසේන් (Admin Splst (I))
•    ඒ.වයි  මධුසංක (PTI (I))
•    ජේ.ඒ  දිමන්ත කුමාර (Const Eq Tech (I))
•    එච්.එම්.පී  චන්ද්‍රකුමාර (AC Mech (I))
•    ඩබ්ලිව්.පී  එරන්දි (Ops Grd (III))

නායක ගුවන් භට 

•    එස්.බී.බී.ටී  සූරියදාස (Agri Asst (II))
•    පී.ටී.එන්  ගුණවර්ධන (Ops Grd (I))
•    එන්.ඒ.එස්.කේ  නිස්සංක (Ops Grd (I))
•    ඩබ්ලිව්.එස්  ජනක (Ops Grd (I))
•    ආර්.ඩී.ටී  ලක්ෂාන් (Comp Tech (I))
•    ආර්.එම්  මහරීම් (Ops Grd (I))
•    ඊ.ජී.සී  මධුභාෂානි (Log Asst (II))
•    ඔී.එම්  සුදන්ත (Ops Grd (III))

සිවිල් සේවක

•    ජේ . ඉඩම්ගොඩගේ මහතා (Mess Boy (II))

ගුවන් හමුදා මූලස්ථානයේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල, අංශ සහ ඒකක ආවරණය වන පරිදි ගුවන් හමුදාපතිතුමන් විසින් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙහිදී මෙහෙයුම්, පරිපාලන සහ සහායක කාර්යයන් රැසක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී. ඒ අනුව ගුවන් ලේකම් කාර්යාලය, සේවා වනිතා ඒකකය සහ අයවැය, සැලසුම්, විදේශ සබඳතා, ගුවන් මෙහෙයුම්, පරිපාලන, පුහුණු, සුබසාධන, මාධ්‍ය, තොරතුරු තාක්ෂණ, සැපයුම්, මූල්‍ය, සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු, ප්‍රසම්පාදන, සයිබර් මෙහෙයුම් සහ විගණන යන අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු අනෙකුත් සහායක අංශ ද පරීක්ෂාවට ලක් කරන ලදී.

මෙම පරීක්ෂණයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යවකාශ අංශයේ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම ද සිදු කරන ලදී. මෙය අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය. මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ මගින් අභ්‍යවකාශ නිරීක්ෂණ හැකියාවන් ඉහළ නැංවීමටත්, ශීඝ්‍රයෙන් වැදගත්කමට පත්වෙමින් පවතින අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ ජාතික අභිලාෂයන් සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ගුවන් හමුදාවේ දායකත්වය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරනු ලබයි.

පරීක්ෂණ වැඩසටහනේ තවත් අංගයක් ලෙස ගුවන් හමුදාපතිතුමන් විසින් බත්තරමුල්ල ගුවන් හමුදා අනුඛණ්ඩය සහ කින්නදෙණිය ප්‍රදේශයේ පිහිටි ගුවන් භට සහ ගුවන් කාන්තා නේවාසික පහසුකම් ද නිරීක්ෂණය කරන ලදී. එහිදී සේවා සාමාජිකයන්ගේ නේවාසික පහසුකම් සහ සුබසාධන තත්ත්වයන් පිළිබඳව සොයා බලන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේ බලලත්  නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ භෝජනාගාරයේදී සියලු නිලයන්හි සාමාජිකයන් සමඟ දිවා භෝජනයට එක් වූ ගුවන් හමුදාපතිතුමන් එම  ස්ථානයේ ද පරීක්ෂාවට ලක් කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී ගුවන් හමුදා මූලස්ථානයේදී සියලුම සාමාජිකයන් අමතා විශේෂ දේශනයක් සිදු කළ ගුවන් හමුදාපතිතුමන්, වෘත්තීයභාවය, විනය සහ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති නවීන තාක්ෂණික පහසුකම් වගකීමෙන් යුතුව භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. එමෙන්ම, සදාචාරාත්මක හැසිරීම, අඛණ්ඩ පුහුණුව සහ දැනුම හුවමාරු කර ගැනීම තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිගු කලක් පවත්වාගෙන ආ කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. අවසානයේදී ආයතනයේ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරන අණදෙන නිලධාරීතුමන් ඇතුළු සියලුම සාමාජිකයන් වෙත ගුවන් හමුදාපතිතුමන් සිය ප්‍රශංසාව සහ ස්තුතිය පළ කරන ලදී.

ගුවන් හමුදාපතිතුමන් විසින් ගුවන් හමුදා ගුවන්පුර ස්ථානය ද පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී ගුවන් හමුදා දන්ත රෝහල, පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය, මෝටර් රථ ප්‍රවාහන සංකීර්ණය, බේකරිය, වැඩ අංශය, ක්ලිපර්ස් සැලූන්, සුබසාධක වෙළෙඳසැල සහ විනෝදාස්වාද පහසුකම් ඇතුළු ප්‍රධාන මෙහෙයුම් හා සුබසාධන පහසුකම් නිරීක්ෂණය කරන ලදී. මීට අමතරව, සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය, කොල්ලුපිටියේ පිහිටි නිලධාරී විවාහක නිවාස සහ කොළඹ ගුවන් හමුදා ස්ථානය ද ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක්ෂණයට ලක් විය.

අවසාන වශයෙන් තුම්මුල්ලේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ භෝජනාගාරයේදී පැවති සුහද හමුවකින් අනතුරුව මෙම පරීක්ෂණය නිල වශයෙන් අවසන් කරන ලදී.  ශ්‍රී ලංකා ගුවන් හමුදා 2026 වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණ මාලාව ද සාර්ථකව නිමාවට පත්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි