ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්විය
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ 48 වන සංවත්සරයට සමගාමීව මෙරට පැවති වසර 30ක දීර්ඝ යුද සමයේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් උතුම් දිවි පූජා කළ ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
මෙම වාර්ෂික සැමරුම් වැඩසටහනේ එක් අංගයක් ලෙස 2026 නොවැම්බර් මස 12 වන දින නුගගහදමන මුහයිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී ඉස්ලාම් ආගමික වැඩසටහනක් පැවැත්වූ අතර, 2026 නොවැම්බර් මස 13 වන දින හිඟුරක්ගොඩ ක්රිස්තු රජුගේ දේවස්ථානයේදී කතෝලික ආගමික වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙම ආගමික වැඩසටහන් දෙක සඳහාම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වූ අතර එමගින් තම ආදරණීයයන් සිහිපත් කරමින් ඔවුන්ගේ අභාවප්රාප්ත ආත්මයන් වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබාදීමට අවස්ථාව සලසන ලදී.
වාර්ෂික සර්ව රාත්රික පිරිත් සජ්ඣායනා පිංකම 2026 නොවැම්බර් මස 13 සහ 14 යන දෙදින තුළ ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් යානා අංගණ පරිශ්රයේදී මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විය. දිවි පිදූ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම දැනට සේවයේ නියුතු ශ්රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද ප්රාර්ථනා කිරීම මෙම පුණ්යකර්මයේ මූලික අරමුණ විය.
සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාව අවසන් වීමෙන් අනතුරුව 2026 නොවැම්බර් මස 14 වන දින මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම රාජකාරියේදී දිවි පිදූ (KIA) සහ අතුරුදන් වූ (MIA) රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී විය. ඒ සමඟ මෙම ආගමික වැඩසටහන් මාලාව නිමාවට පත්විය.
මෙවැනි වාර්ෂික ආගමික වැඩසටහන් මාලාවන් තුළින් මාතෘභූමියේ නිදහස හා ආරක්ෂාව වෙනුවෙන් උතුම් දිවි පූජා කළ රණවිරුවන් කෙරෙහි ශ්රී ලංකා ගුවන් හමුදාව තුළ පවතින නොමැකෙන කෘතවේදීත්වය සහ ගෞරවය මැනවින් පිළිබිඹු වේ. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන් එකට එක් කරමින් ජාතිය වෙනුවෙන් උතුම් කැපකිරීමක් සිදු කළ රණවිරුවන්ගේ අමිල සේවය ගෞරවයෙන් සිහිපත් කිරීමට ද මෙම වැඩසටහන් මහඟු අවස්ථාවක් සලසා දෙන ලදී.

Pirith & Alms Giving
Muslim Religious Ceremony
Catholic Religiuos Ceremony