අංක 46 මූලික භූමි පාදක ගුවන් ආරක්ෂක පාඨමාලාවේ සහතිකපත් හා සම්මාන ප්රදානෝත්සවය පැවැත්විය
අංක 46 මූලික භූමි පාදක ගුවන් ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරූ පුහුණුලාභීන් සඳහා සහතිකපත් හා සම්මාන ප්රදානය කිරීමේ උත්සවය 2026 නොවැම්බර් මස 13 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ආරක්ෂක වෙඩි තැබීමේ පුහුණු පාසලේදී පැවැත්විය.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එම්.එල්.එස්.කේ සුගතදාස මහතා සහභාගී විය. ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජේ. අමරසිංහ මහතා සහ ගුවන් ආරක්ෂක වෙඩි තැබීමේ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ස්කොඩ්රන් ලීඩර් අයි.සී ඉපලවත්තගේ මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
ජාතික ගුවන් ආරක්ෂක පද්ධතිය යටතේ වෘත්තීයමය ගුවන් ආරක්ෂක වෙඩික්කරුවන් ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ප්‍රායෝගික පුහුණු අත්දැකීම් තෝරාගත් සේවා සාමාජිකයන් වෙත ලබාදීම මෙම පාඨමාලාවේ මූලික අරමුණ විය.
මෙම පාඨමාලාව සඳහා නිලධාරියෙකු සහ ගුවන් භටයන් 18 දෙනෙකු ඇතුළුව සමස්ත පුහුණුලාභීන් 19 දෙනෙකු සාර්ථකව සහභාගී වී පාඨමාලාව සම්පූර්ණ කළ අතර ඔවුන්ගේ පුහුණු කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් සහතිකපත් ප්රදානය කරන ලදී.
මීට අමතරව පාඨමාලාව තුළ සුවිශේෂී දක්ෂතා දැක්වූ පුහුණුලාභීන් ඇගයීමට ලක් කරමින් හොඳම පුහුණුලාභියාට හිමි සම්මානය ෆ්ලයිං ඔෆිසර් යූ.ජී.යූ.එස් කුලරත්න වෙත පිරිනමන ලදී. පාඨමාලාවේ හොඳම මූලික භූමි පාදක ගුවන් ආරක්ෂක වෙඩික්කරු (Best LBAD Gunner) ලෙස නායක ගුවන් භට ආර්.එම්.ජී.ඊ.එම්.පී තිලකරත්න සම්මානයට පාත්‍ර විය.
මෙම උත්සවය මගින් පුහුණු වැඩසටහනේ සාර්ථක අවසානය සනිටුහන් කළ අතර පාඨමාලාව සම්පූර්ණ කළ සියලුම පුහුණුලාභීන්ගේ කැපවීම, උනන්දුව සහ වෘත්තීයමය දක්ෂතා ඇගයීමට ද ලක් කරන ලදී.