දිවුලපිටිය ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය
2026 නොවැම්බර් මස 15 වන දින පස්වරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා සිදුකළ මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සහාය ලබාදීමට කටයුතු කරන ලදී.
හදිසි අවස්ථාවට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු සහ ස්ථාන කිහිපයකින් ගිනි නිවීමේ භට පිරිස් සහ අවශ්‍ය උපකරණ මෙහෙයුම සඳහා යොදවන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් ගිනි නිවීමේ රථයක් සහ ගිනි නිවීමේ භටයන් දස දෙනෙකු මෙහෙයුම සඳහා යොමු කරන ලදී. එම පිරිස සමඟ ගිනි නිවීමේ පාසල සහ ගිනි නිවීමේ රථ නඩත්තු බලඝණයේ (FS&FTMS) අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නුවන් රන්නෙත්ති මහතා සහ තවත් නිලධාරියෙකු ද එක්විය.
ගිනි නිවීමේ මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් ගිනි නිවීමේ රථයක්, ජල බවුසරයක්, ගිනි නිවීමේ භටයන් තිදෙනෙකු සහ පස් දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන හා ප්‍රතිචාර කණ්ඩායමක් (Disaster Assistance and Response Team - DART) යොදවන ලදී. අංක 40 රෙජිමේන්තු වින්ග්හි අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් අමිල කරුණාරත්න මහතාගේ නායකත්වය යටතේ මෙම කණ්ඩායම මෙහෙයුමට එක්විය.
මිරිගම ගුවන් හමුදා කඳවුර මගින් ජල බවුසරයක්, ගිනි නිවීමේ භටයන් තිදෙනෙකු, නිලධාරියෙකු, සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන හා ප්‍රතිචාර කණ්ඩායමක් (DART) සහ රෙජිමේන්තු විශේෂ බලකායේ (Regiment Special Force - RSF) සාමාජිකයන් සිව් දෙනෙකු ද මෙහෙයුම සඳහා යොමු කරන ලදී. මීට අමතරව තවත් නිලධාරියෙකු ද මෙහෙයුමට එක්වෙමින් ගිනි නිවීමේ සහ හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා සහාය ලබා දෙන ලදී.
මෙම මෙහෙයුම සඳහා ගම්පහ සහ මීගමුව ගිනි නිවීමේ ස්ථානවලින් අතිරේක ගිනි නිවීමේ රථ හතරක් ද එක්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කළ සියලුම කණ්ඩායම් එක්ව ගින්න පාලනය කිරීමටත්, එය තවදුරටත් පැතිරීම වැළැක්වීමටත් ක්‍රියා කරන ලදී.
මෙම පුවත වාර්තා කරන අවස්ථාව වන විටත් ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා නොතිබුණි.
ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් සිය ගිනි නිවීමේ, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර හැකියාවන් උපයෝගී කරගනිමින් සිවිල් බලධාරීන් සහ හදිසි ප්‍රතිචාර සේවා ආයතන වෙත අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරන්තරයෙන් කැපවී සිටියි.