2026 වසරේ 50 වන ජාතික ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ට දක්ෂතා දක්වයි
2026 වසරේ 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ මල්ලවපොර තරගාවලිය 2026 නොවැම්බර් මස 12 සිට 15 දක්වා වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විය. විවිධ පළාත් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී විය. එහිදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කීර්තියක් සහ ගෞරවයක් අත්කර දීමට සමත් විය.

මෙහිදී කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කළ නායක ගුවන් කාන්තා එල්.එස්.කේ  රසාදරී සිය විශිෂ්ට ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ෂතම කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලෙස සමස්ත පදක්කම් 17ක් දිනා ගැනීමට සමත් විය.

පිරිමි අංශය

රන් පදක්කම් (04)

    නායක ගුවන් භට එල්.ඒ.ඩී.ටී  පෙරේරා – කිලෝග්‍රෑම් 61
    නායක ගුවන් භට ඩී.එම්.එල් රුමේෂ් – කිලෝග්‍රෑම් 70
    නායක ගුවන් භට ඩබ්ලිව්.එම්.එම්.එල් විජේසූරිය – කිලෝග්‍රෑම් 86
    නායක ගුවන් භට ඩබ්ලිව්.එස්.එන් වල්පිට – කිලෝග්‍රෑම් 97

ලෝකඩ පදක්කම් (02)

    නායක ගුවන් භට ඩබ්ලිව්.කේ.වයි මධුශංක – කිලෝග්‍රෑම් 125
    නායක ගුවන් භට එන්.එන් සමරක්කොඩි – කිලෝග්‍රෑම් 65

කාන්තා අංශය

රන් පදක්කම් (05)

    කෝප්‍රල් එච්.පී.එන්.ඩබ්ලිව් ධර්මදාස – කිලෝග්‍රෑම් 50
    නායක ගුවන් කාන්තා එල්.එස්.කේ රසාදරී – කිලෝග්‍රෑම් 55
    නායක ගුවන් කාන්තා බී.ජී.කේ.ඩී හපුතන්ත්‍රී – කිලෝග්‍රෑම් 59
    ගුවන් කාන්තා බී.කේ සංකල්පනා – කිලෝග්‍රෑම් 72
    නායක ගුවන් කාන්තා එන්.එල්.එල් නවෝදා – කිලෝග්‍රෑම් 76

රිදී පදක්කම් (03)

    ගුවන් කාන්තා ඒ.එම්.ඒ.ආර් අධිකාරි – කිලෝග්‍රෑම් 68
    නායක ගුවන් කාන්තා සී.එන්.එන් පෙරේරා – කිලෝග්‍රෑම් 65
    නායක ගුවන් කාන්තා ආර්.එම්.එස් චේතනා – කිලෝග්‍රෑම් 72

ලෝකඩ පදක්කම් (01)

    නායක ගුවන් කාන්තා එන්.බී.ඒ.ආර් නවෝද්‍යා – කිලෝග්‍රෑම් 50

මෙම සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම, උනන්දුව සහ අඛණ්ඩ වෙහෙස මහන්සිය මැනවින් පිළිබිඹු විය. ඔවුන් දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ජාතික මට්ටමේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩාවේ කීර්තිනාමය තවදුරටත් ඉහළ නැංවීමට සමත් වී ඇති අතර ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අඛණ්ඩ ක්‍රීඩා විශිෂ්ටත්වය ද යළිත් තහවුරු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි