ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ සේවා වනිතා ඒකකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
කඳවුරේ සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස යාපනය ප්‍රදේශයේ රුධිර සංචිතවල පවතින දැඩි හිඟය සහ රුධිරය සඳහා ඉහළ ගොස් ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ උතුරු පළාත් ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් 2026 නොවැම්බර් මස 17 වන දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ රෝහලේ සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදා සේවා පුද්ගලයන් සහ සිවිල් සේවකයන් 80කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරන ලදී. මෙමගින් අවශ්‍යතා ඇති රෝගීන් වෙනුවෙන් වටිනා දායකත්වයක් ලබාදීමට ඔවුහු කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ඔෂධි තනිප්පුලියාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් නිපුණ තනිප්පුලියාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

රුධිරය එකතු කිරීමේ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ජී. තරණී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැමිණි වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි