ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ 42 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ 42 වන සංවත්සරය 2026 නොවැම්බර් මස 16 වන දින සමරන ලදී. කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මංජුල අබේවික්‍රම නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම සැමරුම් වැඩසටහන් මඟින් කඳවුරේ සියලුම සාමාජිකයන් අතර පවතින සමගිය, සහෝදරත්වය සහ කණ්ඩායම් හැඟීම මැනවින් පිළිබිඹු විය.

සංවත්සර සැමරුම් වැඩසටහන පෙරවරුවේ පැවති සාම්ප්‍රදායික රාජකාරී පෙළපාළියෙන් ආරම්භ විය. එම පෙළපාළිය කඳවුරේ අණදෙන නිලධාරීවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කඳවුරේ සේවා පුද්ගලයන් සහ සිවිල් සේවකයන් එක්ව ක්‍රීඩාශීලීත්වය, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පෙරදැරි කරගනිමින් සහභාගී විය. සිය වෘත්තීය රාජකාරීවලින් ඔබ්බට ගොස් එකිනෙකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙම තරගාවලිය කදිම අවස්ථාවක් විය.

ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් හතක් සහභාගී විය. එහි ශූරතාව නිලධාරීන්ගේ නිවස්න කණ්ඩායම (Officers’ Mess Team) විසින් දිනා ගන්නා ලදී. අනුශූරතාව නායක ගුවන් භට සමාජශාලා කණ්ඩායම  (LAC Club Team) විසින් හිමිකර ගන්නා ලදී.

මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා කඳවුරේ සාමාජිකයන් උද්යෝගයෙන් සහභාගී විය. එහිදී අමතක නොවන අවස්ථා රැසක් නිර්මාණය විය. එමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ සාඩම්බර සම්ප්‍රදායන්, කැපවීම සහ සාමාජිකයන් තුළ පවතින දැඩි එකමුතුභාවය  පිළිබඳ හැඟීම මැනවින් ප්‍රකාශ විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි