අන්තර් ඒකක ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය – 2026
2026 නොවැම්බර් මස 17 සිට 21 දක්වා පැවැත්වූ අන්තර් ඒකක ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති සහ ගුවන් හමුදා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර් මහතා, ගුවන් හමුදා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාව අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය විසින් දිනා ගන්නා ලදී. පිරිමි හා කාන්තා යන අංශ දෙකෙහිම අනුශූරතා හිමිකර ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුර (BIA) සමත් විය.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හොඳම නිලධාරී වෙඩික්කරු ලෙස දියතලාව ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ පයිලට් ඔෆිසර් එච්.එම්.එස්.එස්. හේරත් නිලධාරියා සම්මානයට පාත්‍ර වූ අතර හොඳම ගුවන් භට වෙඩික්කරු ලෙස හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට  ශාන්ත කුමාර ජී.එම්. සහ හොඳම ගුවන් කාන්තා වෙඩික්කාරිය ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා සොනාලි ආර්.ඒ.එස්. සම්මාන දිනා ගන්නා ලදී.
තරගාවලියේදී සහභාගී වූවන්ගේ විශිෂ්ට දක්ෂතා ඇගයීම වෙනුවෙන් කුසලාන 07ක් සහ පදක්කම් 31ක් ප්‍රදානය කරන ලදී.

තරගාවලියේ ප්‍රතිඵල සාරාංශය

නිලධාරී අංශයේ දක්ෂතම සමස්ත වෙඩික්කරු

පයිලට් ඔෆිසර් එච්.එම්.එස්.එස්. හේරත් – දියතලාව ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

පිරිමි අංශයේ දක්ෂතම සමස්ත වෙඩික්කරු

නායක ගුවන් භට  ශාන්ත කුමාර ජී.එම්. – හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර

කාන්තා අංශයේ දක්ෂතම සමස්ත වෙඩික්කාරිය

නායක ගුවන් කාන්තා සොනාලි ආර්.ඒ.එස්. – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුර

නවක අංශයේ දක්ෂතම සමස්ත වෙඩික්කරු

පයිලට් ඔෆිසර් එච්.එම්.එස්.එස්. හේරත් – දියතලාව ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

විවෘත අංශයේ දක්ෂතම සමස්ත වෙඩික්කරු

කෝප්‍රල් කරුණාතිලක එස්.අයි.සී. – රෙජිමේන්තු විශේෂ බළකාය

සමස්ත පිරිමි කණ්ඩායම් ශූරතාව – හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර

කණ්ඩායම් සාමාජිකයෝ
•    ස්කොඩ්‍රන් ලීඩර් එම්.ටී.එල්. ප්‍රනාන්දු
•    කෝප්‍රල් ඒකනායක ඊ.එම්.එස්.කේ.
•    නායක ගුවන් භට  ශාන්ත කුමාර ජී.එම්.
•    නායක ගුවන් භට  බණ්ඩාර ඩබ්ලිව්.ඒ.එස්.කේ.
•    නායක ගුවන් භට  සම්පත් එස්.එස්.
•    නායක ගුවන් භට  ප්‍රේමසිරි ඩී.කේ.
•    
සමස්ත කාන්තා කණ්ඩායම් ශූරතාව – අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය

කණ්ඩායම් සාමාජිකාවෝ
•    ෆ්ලයිං ඔෆිසර් එම්.එන්. නෙත්මිණි
•    කෝප්‍රල් සෙව්වන්දි ආර්.එම්.එන්.
•    නායක ගුවන් කාන්තා  සඳීපානි ඩබ්ලිව්.ඒ.වී.
•    නායක ගුවන් කාන්තා  දංජානි ඩබ්ලිව්.කේ.
•    නායක ගුවන් කාන්තා  නවරත්න ඩබ්ලිව්.එම්.කේ.එම්.
•    නායක ගුවන් කාන්තා  බණ්ඩාර අයි.ඒ.සී.එච්.
සමස්ත විවෘත කණ්ඩායම් ශූරතාව – රෙජිමේන්තු විශේෂ බළකාය

කණ්ඩායම් සාමාජිකයෝ

•    ස්කොඩ්‍රන් ලීඩර් එස්.එස්.කේ.එස්.එන්.බී. රත්නායක
•    බලලත් නිලධාරි  එම්.ඒ.පී.ආර්. වික්‍රමසිංහ
•    කෝප්‍රල් ජයසිංහ ජේ.එම්.ඒ.ඩී.
•    කෝප්‍රල් කරුණාතිලක එස්.අයි.සී.
•    කෝප්‍රල් මධුසංක එල්.බී.බී.
•    නායක ගුවන් භට කරුණාරත්න ආර්.එම්.ඩී.ආර්.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි