ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ කායවර්ධන ශූරතාවලිය 2026 නොවැම්බර් මස 23 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් සිදු කරන ලදී.
මෙම තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන කණ්ඩායම, සිය ශූරතා කිරුළ සාර්ථකව ආරක්ෂා කර ගනිමින් 2026/2027 ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශක්තිය, විනය සහ අධිෂ්ඨානය මනාව විදහා දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමස්ත ලකුණු සටහනේ කැපී පෙනෙන ඉදිරියක් පවත්වා ගනිමින් රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් ක්‍රීඩා ඉතිහාසයට තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කරයි. 2010 වසරේදී ආරම්භ වූ ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාවලියේ ශූරතාව 2010, 2012, 2014, 2016, 2025 සහ 2026 යන වසරවලදී අවස්ථා හයකදී දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව ඇති අතර එමඟින් කායවර්ධන ක්‍රීඩාවේ තම විශිෂ්ටත්වය යළිත් තහවුරු කර ඇත.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එස්.ඩී. ජයවීර මහතා සහභාගී විය.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඒ.කේ.කේ.ආර්. අබේසිංහ මහතා, ආරක්ෂක සේවා කායවර්ධන සංගමයේ ලේකම් කොමදෝරු ඊ.ඒ.අයි.පී. එදිරිසිංහ මහතා, ගුවන් හමුදා කායවර්ධන සංගමයේ සභාපති ගෲප් කැප්ටන් මාලිත රංගොඩගේ මහතා, ශ්‍රී ලංකා යුද හමුදා කායවර්ධන සංගමයේ ලේකම් කර්නල් ඩී.එම්.එම්. සුබසිංහ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදා කායවර්ධන සංගමයේ සභාපති කමාන්ඩර් අනුරාධ ෆොන්සේකා මහතා ඇතුළු ආරාධිත නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පැමිණි විශාල ප්‍රේක්ෂක පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන කණ්ඩායම ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය ඔවුන්ගේ නොසැලෙන කැපවීම, අප්‍රතිහත උත්සාහය, සාමූහිකත්වය සහ ක්‍රීඩාශීලී විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු කරන අතර, එය සමස්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මහත් අභිමානයක් හා කීර්තියක් එක් කරන ලදී.
තරගාවලියේ ප්‍රතිඵල සාරාංශය
රන් පදක්කම්ලාභීන්
කෝප්රල් ප්‍රනාන්දු එම්.යූ.පී. – කිලෝග්‍රෑම් 60 බර පන්තිය
නායක ගුවන් භට ජයලත් එම්.එම්.ආර්.එම්. – කිලෝග්‍රෑම් 85 බර පන්තිය
සැරයන් රත්නායක කේ.ඒ.සී.ජේ.ජේ. – කිලෝග්‍රෑම් 90 බර පන්තිය
නායක ගුවන් භට ප්‍රනාන්දු ජී.යූ.අයි. – කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්තිය
රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් භට සුමිත් කුමාර එච්.ජී. – කිලෝග්‍රෑම් 65 බර පන්තිය
කෝප්රල් කරුණාතිලක පී.එම්.එස්. – කිලෝග්‍රෑම් 70 බර පන්තිය
ලෝකඩ පදක්කම්ලාභීන්
කෝප්රල් මධුසංක ඩබ්ලිව්.ජී.ඊ. – කිලෝග්‍රෑම් 65 බර පන්තිය
කෝප්රල් සමරසිංහ ඒ.පී.ජී.එස්.එම්. – කිලෝග්‍රෑම් 90 බර පන්තිය
බලපංති සැරයන් ප්‍රනාන්දු ඩබ්ලිව්.පී.එස්. – කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්තිය