එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම දිවියට
වසර 29ක අභිමානවත් හා කැපවූ සේවා කාලයක් සම්පූර්ණ කරමින් එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා 2026 නොවැම්බර් මස 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම දිවියට එළඹියේය. විශ්‍රාම යන අවස්ථාව වන විට ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරි ඉටු කරන ලදී.
විශ්‍රාම යාමට පෙර එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවී නිල සමුගැනීමේ හමුවකට සහභාගී විය. එහිදී දශක තුනකට ආසන්න කාලයක් පුරා රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටු කළ විශිෂ්ට හා කැපවූ සේවය අගයමින් ගුවන් හමුදාපතිතුමන් විසින් ඒ මහතා වෙත සිය ප්‍රශංසාව පළ කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් පිරිනමන ලද සම්මාන මුරයකින් එතුමන්ට උපහාර පිරිනමන ලද අතර ඉන් අනතුරුව සිය නිල ඇඳුමින් සැරසී අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදී.
එතුමන් විසින් රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටු කරන ලද විශිෂ්ට සේවය අගයමින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.
එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඒ මහතා 1997 දෙසැම්බර් මස 08 වන දින සෘජු බඳවා ගැනීමේ ක්‍රමවේදය යටතේ පයිලට් ඔෆිසර් නිලයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අංශයට එක්වෙමින් සිය හමුදා දිවිය ආරම්භ කරන ලදී.
ඒ මහතා සිය වෘත්තීය හා පශ්චාත් උපාධි සුදුසුකම් අතරින් 1996 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව ද, 2011 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, එම වසරේදීම වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ද හිමිකරගෙන ඇත.
සිය සේවා කාලය තුළදී එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා සිය නායකත්ව හැකියාවන්, තාක්ෂණික දැනුම සහ කළමනාකරණ කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දේශීය හා විදේශීය හමුදා පුහුණු පාඨමාලා රැසකට සහභාගී වී ඇත.
ඒ අතර 2001 වසරේදී ඉංජිනේරුවන් සඳහා නායකත්ව හා කළමනාකරණ කුසලතා සංවර්ධන පාඨමාලාව, 2002 වසරේදී පරිශ්‍ර කළමනාකරණය පිළිබඳ වෘත්තීය සහතික පාඨමාලාව, 2004 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා නායකත්ව සංවර්ධන පාඨමාලාව, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් පවත්වන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පාඨමාලාව සහ සන්නද්ධ ගැටුම් නීතිය හා ගුවන් යුද්ධයේ චාරිත්‍රානුකූල නීතිය පිළිබඳ පාඨමාලාව මෙන්ම චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ද ප්‍රධාන වේ.
2008 වසරේදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, 2009 වසරේදී කළමනාකරුවන් සඳහා උපදේශන පාඨමාලාව සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සේවක කාර්යසාධන ඇගයීම පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇත. එසේම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන ඇත.
අපජලය රැස් කිරීම, පිරිපහදු කිරීම, බැහැර කිරීම හා නැවත භාවිතය පිළිබඳ සැලසුම් මූලධර්ම සහ වැසි ජලය බැස යාමේ පද්ධති පිළිබඳ පාඨමාලා ඇතුළු විශේෂිත තාක්ෂණික පුහුණු පාඨමාලා රැසකට ද ඒ මහතා සහභාගී වී ඇත. 2013 වසරේදී අපජලය රැස් කිරීම, පිරිපහදු කිරීම සහ බැහැර කිරීම පිළිබඳ විශේෂිත පුහුණුව ද ලබා ඇත.
විදේශීය පුහුණු හා වෘත්තීය අත්දැකීම් අතර 2004 වසරේදී ඉන්දීය ගුවන් හමුදාවේ කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, 2009 වසරේදී චීනයේ යන්ත්‍රෝපකරණ හා උපකරණ පිළිබඳ පුහුණු වැඩසටහන සහ 2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපද ගුවාම්හිදී පැවති එක්සත් ජනපද ගුවන් හමුදාවේ PACAF Silver Flag Partner Nation 20-01 හදිසි අවස්ථා මෙහෙයුම් පාඨමාලාව ද ඇතුළත් වේ.
එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා 2009 වසරේ සිට ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු (MIIE SL) ලෙසත්, ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු (MIM SL) ලෙසත් කටයුතු කර ඇත. එසේම 2022 වසරේ සිට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාන්‍ය සාමාජිකයකු (MSLIM) ලෙස ද කටයුතු කරයි.
සිය වෘත්තීය දිවිය තුළදී ඒ මහතා ඉදිකිරීම් ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලය යටතේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු අධ්යක්ෂ ලෙසත්, කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙසත්, ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු මාණ්ඩලික නිලධාරී ලෙසත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
එසේම චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩ බලඝණයේ අණදෙන නිලධාරී සහ වැඩ ඉංජිනේරු ලෙස ද, ගුවන් හමුදා කඳවුරු හා ස්ථාන කිහිපයක විවිධ වගකීම් සහිත තනතුරු ද හොබවා ඇත.
එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවපතිරණ මහතා විසින් රටට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉටු කරන ලද කැපවූ, වෘත්තීයමය හා විශිෂ්ට සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම (පළමු ගාංචුව සහිතව), උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම සහ සේවා පදක්කම ඇතුළු හමුදා සම්මාන හා පදක්කම් රැසකින් ඒ මහතා පිදුම් ලබා ඇත.

Farewell call on
Guard of honour
Dining out