ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායමේ සාමාඡිකයින් 2022 6 වන ශිෂ්‍යභට, කනිෂ්ඨ, U21 සහ ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ දස්කම් දක්වයි.
2022 6 වැනි ශිෂ්‍යභට, කනිෂ්ඨ, 21 සහ ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාටේ ශූරතාවලිය 2022 නොවැම්බර් 27 සහ 28 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දකුණු ආසියානු කරාටේ සම්මේලනය (SAKF) විසින් සංවිධානය කරන ලද මෙම ශූරතාවලිය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය විසින් සත්කාරකත්වය සපයන ලදී. දකුණු ආසියාතික රටවල් හයක (06) තරගකරුවන් 250කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී විය.

කණ්ඩායම් කටා ඉසව්වේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා කටා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කෝප්‍රල් ද සිල්වා කේ.එන්, කෝප්‍රල් ප්‍රසන්න කේ.එස්, නායක ගුවන් භට ෆයිස් එම්.එස් සහ ගුවන් භට සංදීප ඩබ්ලිව්.එස්.අයි තුන්වන ස්ථානය ලබා ගනිමින් ලෝකඩ පදක්කම් 04ක් දිනා ගත්හ. පකිස්ථාන කණ්ඩායම පළමු ස්ථානය දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාව හිමිකර ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි