
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගනී
සම්ප්‍රදායට අනුකූලව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 08 වන දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.
ගුවන් හමුදාපතිතුමා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන්ගේ විහාරස්ථානවලට ගොස් උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන භාරකරු ප්‍රදීප් නිලංගා දෑල මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහ ගුවන් හමුදාවේ අනෙකුත් නියෝජිතයින් සහභාගී විය.