
පර්ත් හි පැවති 'ස්ට්‍රයිව් වැඩසටහන A - දේශීය තරගාවලියේදී' ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෙකු විශිෂ්ඨ දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෙකු වන ගුවන් භට රුමේෂ් තරංග 2025 පෙබරවාරි 2 වන දින ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවති "ස්ට්‍රයිව් වැඩසටහන A - දේශීය තරගාවලියේදී" හිදී විශිෂ්ඨ දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ දක්ෂ හෙල්ල විසි කරන්නෙකු ලෙස හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවේ විශිෂට ජයග්‍රහනයක් ලබා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණය රුමේෂ්ගේ වෘත්තීය ජීවිතයේ දෙවන හොඳම විසි කිරීම සහ 2025 දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද හොඳම විසි කිරීම සනිටුහන් කරයි.
ගුවන් භට රුමේෂ් තරංග 2025 මාර්තු 1 වන දින පර්ත් ට්‍රැක් ක්ලැසික් තරඟාවලියට තරඟ කිරීමට නියමිත අතර එහිදී ඔහු ලොව හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට අභියෝග කරනු ඇත.