ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 නොවැම්බර් 08 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, දැනට ගුවන් හමුදා වෘත්තීය පුහුණු අධ්‍යක්ෂක ලෙස සේවය කරන එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ නිළධාරිතුමන් විසින් අණදෙන ලද ගුවන් හමුදාධිපතිතුමාගේ පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. පෙළපාළිය අතරතුර, පහත සඳහන් සේවා පුද්ගලයින්ට ඔවුන්ගේ කැපී පෙනෙන කාර්ය සාධනය සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන් දායකත්වය අගයමින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බළපංති සැරයන් සෝමදාස කේආර්සීආර්කේ (මෙහෙයුම් භූමිය I)
බළපංති සැරයන් බණ්ඩාර එල්කේපීඑන්ටීඩබ්ලිව් (පරිගණක කාර්මික ශිල්පී I)
බළපංති සැරයන් අධිකාරි ඒඑමිකේඑස් (පරිගණක කාර්මික ශිල්පී I)
සැරයන් සුරංග එම්ඒ (ශාරීරික පුහුණු උපදේශක I)
සැරයන් දුලිප් බිඑම් (පරිගණක කාර්මික ශිල්පී I)
කෝප්‍රල් දුලාංජන JAS (පරිගණක කාර්මික ශිල්පී I)
සිවිල් අයිඑම්ආර් දිසානායක 
සිවිල් ඩබ්ලිව්ඩි චමින්ද 
සිවිල් ආර්ඒ උපුල් නිශාන්ත 

ගුවන්හමුදාපතිතුමන් කඳවුරු මුලස්ථානය ඇතුළු වෘත්තීය පුහුණු පාසලේ සියලුම ප්‍රදේශ පරික්ෂණය සිදු කරන ලදී. පරීක්ෂණයෙන් පසුව, ගුවන් හමුදාපතිවරයා නිළධාරීන්, සෙසු නිළයින්, අභ්‍යාසලාභීන් සහ සිවිල් කාර්යමණ්ඩලය ඇතුළු සියලුම නිලයන් අමතමින් පාසලේ ඓතිහාසික සන්දර්භය සඳහන් කරමින්, වෘත්තීයමය වශයෙන් දක්ෂ වෘත්තිකයන් ගුවන් හමුදාවේ අනාගතය සඳහා හැඩගැස්වීමේදී ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු අවධාරණය කළේය. ගුවන් හමුදාවට අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලීම සඳහා කඳවුර සකස් කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම අගය කරමින්, අණදෙන නිලධාරියා සහ ඔහුගේ කණ්ඩායමට සිය ස්තුතිය පුද කර සිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි