ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණේ
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිදුවෙමින් පවතින සෙවීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහා සහාය වීමට ඉන්දියානු ගුවන් හමුදාවේ (IAF) MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් 2025 නොවැම්බර් 29 වන දින දිවයිනට පැමිණියේය. අඛණ්ඩ සහන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) උපකරණ සමඟින් 22 දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක්ද රැගෙන එන ලදී.
මෙම පිරිස දිවයිනට පැමිණි පසු, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමිත ජයමහ නිළධාරී තුමන්, අංක 9 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් කාංචන කොඩිකාර නිළධාරීතුමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.