දිත්වා සුළි කුණාටුවෙන් අවතැන් පුද්ගලයින් හට සහන සේවා සඳහා ඉන්දියනු ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් සමඟ BHISHM දෙකක් කටුනායකට පැමිණේ
වින්ග් කමාන්ඩර් සංජේ කුමාර්ගේ නායකත්වයෙන් යුත් BHISHM දෙකක් සහ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් රැගෙන ඉන්දියානු ගුවන් හමුදාවට අයත්  (IAF) C‑130J ගුවන් යානයක් 2025 නොවැම්බර් මස 30 වන දින කටුනායකට ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලදී. BHISHM යනු ආපදාවෙන් පීඩාවට පත් හෝ දුරස්ථ ප්‍රදේශවල වේගවත් යෙදවීම සඳහා නිර්මාණය කර ඇති මොඩියුලර්, ස්වයං අන්තර්ගත වෛද්‍ය ඒකකයක් වේ. 

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා ආපදා සහන කටයුතු සඳහා ඉන්දියාානු වෛද්‍ය කණ්ඩායම සහාය වනු ඇත. මෙම මෙහෙයුම් අවසන් වූ පසු, ඔවුන් BHISHM කැට ක්‍රියාත්මක කිරීම සහ භාවිතය පිළිබඳ ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයන් සඳහා පුහුණුවක් පවත්වනු ඇත. ඉන්පසුව, ආපදා සූදානම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා BHISHM දෙක නිල වශයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි