අවදානම් තක්සේරු රාමුව සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වයි
කළමනාකරණ විගණන චක්‍රලේඛ DMA/1-2024 ට අනුකූලව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවදානම් තක්සේරු රාමුව සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක් 2026 ජූලි 01 දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් සහ ගුවන් හමුදා අවදානම් නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩමුළුවේ අරමුණ වූයේ ආයතනික අවදානම් හඳුනා ගැනීම, ඒවා තක්සේරු කිරීම සහ ඵලදායී අවදානම් කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ අවදානම් කමිටු සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමයි.

වැඩමුළුවේදී විශේෂඥයින් වන ෂමින්ද ප්‍රනාන්දු මහතා සහ අකලංක මොරගොඩ මහතා විසින් අවදානම් කළමනාකරණය සම්බන්ධ විශේෂ දේශන පවත්වන ලද අතර, ගුවන් හමුදා මූලස්ථානය, කඳවුරු සහ අනෙකුත් ආයතන නියෝජනය කළ නිලධාරීන් සෘජුව හා වීඩියෝ සම්මන්ත්‍රණ ඔස්සේ ඊට එක්විය.

මෙම වැඩමුළුව මඟින් සමකාලීන අවදානම් කළමනාකරණ පිළිවෙත් පිළිබඳ දැනුම වැඩිදියුණු කරමින්, ආයතනික තීරණ ගැනීමේදී අවදානම් කළමනාකරණයේ වැදගත්කම තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි