ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණ සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 සැප්තැම්බර් 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික  පරීක්ෂණය සිදු කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර නිලධාරිතුමන් විසින් අණදෙන ලද ගුවන් හමුදාපති පරීක්ෂණ පෙළපාලිය ගුවන් හමුදාපතිතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. එහිදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදීම වෙනුවෙන් පහත සඳහන් සේවා සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ප්‍රශංසා සහතික පිරිනමන ලදී.

බලලත් නිලධාරි  වී.එම්. ප්‍රියශාන්ත – ගුවන් යානා එන්ජින් කාර්මික ශිල්පී (විශේෂ I)
බලපංති සැරයන් ප්‍රියදර්ශන කේ.ජී.ඒ.ඩී. – ආහාර සැපයුම් කනිෂ්ඨ අධීක්ෂක (I)
බලපංති සැරයන් උදිත කුමාර එච්.කේ. – විදුලි සංදේශ කාර්මික ශිල්පී (I)
බලපංති සැරයන් නිශ්ශංක බණ්ඩාර එච්.එම්. – විද්‍යුත් මස්තිෂ්ක රූප සටහන් කාර්මික ශිල්පී (විශේෂ I)
බලපංති සැරයන් ගීතක එම්.කේ.කේ. – ගුවන් යානා එන්ජින් කාර්මික ශිල්පී (විශේෂ I)
බලපංති සැරයන් සම්පත් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.එස්. – තාක්ෂණික දැව කාර්මික ශිල්පී (II)
සැරයන් ධර්මසේන ජී.ආර්.කේ.එම්.කේ. – ප්‍රොවොස්ට් (I)
සැරයන් බුද්ධික ඩබ්ලිව්.ඒ.එම්.ජේ. – ගුවන් විදුලි හා උපකරණ කාර්මික ශිල්පී (විශේෂ I)
සැරයන් සමරදීර එස්.කේ.ජී. – ගුවන් විදුලි හා උපකරණ කාර්මික ශිල්පී (විශේෂ I)
කෝප්‍රල් අනුරුද්ධික ඕ.එච්. – පරිපාලන විශේෂඥ (I)
කෝප්‍රල් දර්ශන පී.ජී.ජී. – මෙහෙයුම් භූමි (III)
කෝප්‍රල් රණසිංහ ආර්.එම්.අයි.කේ. – මෙහෙයුම් භූමි (III)
කෝප්‍රල් කාරියවසම් කේ.ජේ.පී. – මෝටර් ප්‍රවාහන ක්‍රියාකරු (III)
නායක ගුවන් භට  පීරිස් එම්.එස්.පී. – මෙහෙයුම් භූමි (III)
සිවිල් කේ.ඒ.ඩී. නිහාල් ජයසිංහ මහතා – කවුන්ටර්මෑන් (විශේෂ)
 
පරීක්ෂණ චාරිකාව අතරතුරදී ගුවන් හමුදාපතිතුමන් කඳවුරු මූලස්ථානය යටතේ පවතින ඒකක හා අනෙකුත් වැදගත් අංශ වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒවායේ මෙහෙයුම් හා පරිපාලන සූදානම පිළිබඳව සොයා බලන ලදී.

පරීක්ෂණ චාරිකාව අවසානයේ අංක 08 බලඝණ යාත්‍රාංගනයේදී සේවා සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් අමතමින් ගුවන් හමුදාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන හැකියාවන් සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය අවධාරණය කරන ලදී. වෘත්තීය විශිෂ්ටත්වය, අවංකභාවය සහ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් සෑම සාමාජිකයෙකුම තම උපරිම හැකියාවෙන් සේවයට දායක වීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කරන ලදී.

වෘත්තීය ගුවන් හමුදාවක සාමාජිකයන් ලෙස සෑම කාර්යයකදීම විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට කැපවීමේ වැදගත්කම ද ගුවන් හමුදාපතිතුමන් විසින් තවදුරටත් අවධාරණය කරන ලදී. සිය දේශනය අවසානයේදී, ගුවන් හමුදාපති පරීක්ෂණයේදී අපේක්ෂිත ඉහළ ප්‍රමිතිය පවත්වා ගනිමින් කඳවුරේ කටයුතු සිදුකිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා සහ සියලුම සාමාජිකයන් විසින් දක්වන ලද කැපවීම, කණ්ඩායම් හැඟීම සහ සාමූහික ප්‍රයත්නය ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට ලක් කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි