වෙසක් බොදු බැති ගී සරණිය 2013

2602  වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් 2013 මැයි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ “රයිෆල් ග්‍රීන්“ ක්‍රීඩාංගණයේදී භක්තිගීත උත්සවයක් සංවිධානය කර තිබූ අතර එය ‘වෙසක් බොදු  බැති ගී සරණිය 2013‘ යනුවෙන් නම් කර තිබුනී.

මෙම උත්වයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මැතිණිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණ දෙන නිලධාරී එයා කොමඩෝර් කේ එෆ් ආර් ප්‍රනාන්දු යන අය ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන ලදී.


මෙම බැති ගී ප්‍රසංගයට සමගාමීව බැතිමතුන් වෙනුවෙන් කඩල හා කෝපි දන්සලක්ද පැවුත්වුනු අතර එය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය්‍ය වාදක කණ්ඩායම මෙහි බැති ගී ගායනා කළ අතර වෙස්සන්තර ජාතක කථා වස්තුවද රඟ දක්වන ලදී.


මෙම උත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ජේෂ්ඨ නිලධාරීන් නිළධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සෙසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.