කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට
ආධුනික ඔරු පදින්නන්ගේ සංගමය තෙවන වරටත් සංවිධානය කළ කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලිය පසුගියදා (19 මාර්තු 2010) තිස්සමහාරාමය තිස්සවැවෙහි පැවත්විණි.
දිවයිනේ ප්‍රබලතම ඔරු පැදීමේ තරගකරුවන් රැසක් සහභාගි වූ මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අත්දැකීම් බහුල නාවික හමුදා කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාවය ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය.