අන්තර් කඳවුරු වෙඩි තැබීමේ තරඟාවලිය 2013

2013 මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේ වෙඩි පිටියේ පවත්වන ලද අන්තර් කඳවුරු වෙඩි තැබීමේ තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි කඳවුර විසින් දිනා ගන්නා ලද අතර එහි කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වව්නියාව කඳවුර විසින් දිනා ගන්නා ලදී.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර නියෝජනය කරන ලද නායක ගුවන් භට මාධව ඩබ්ලිව් ජී සී  විසින් පිරිමි ඒකල ශූරතාවය හා තරඟාවලියෙහි වැඩිම ලකුණු ලාභියා හමුදාව බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර නියෝජනය කරන ලද නායක ගුවන් භට මාධව ඩබ්ලිව් ජී සී  විසින් දිනා ගත් අතර ඒකල කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ග්වන් හමුදාව වව්නියා කඳවුරේ නායක ගුවන් භට සමරතුංග විසින් දිනා ගන්නා ලදී.

 

තරඟාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස ගුවන් හමුදා සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා මහතා 2013 මැයි මස 31 වන දින පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයට හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ තරඟ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් , ලේඛම් ගෘප් කැප්ටන් ජී ජී ඩබ්ලිව් ටී කේ ගුණවර්ධන, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කඳවුරේ අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් සී වික්‍රමරත්න යන නිලධාරීන්ද සහභාගී වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.