ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරවිල කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුරේ වාර්ශික පරීක්ෂණය 3013 ජුනි මස14 වන දින පවත්වන ලදී. මෙහිදී නිරීක්ෂණ පෙළපාලියක් පැවැත්වුන අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ඒ සඳහා අණ දුන් අතර ගුවන් හමුදාධිපති තුමා පිළි ගැනීම සඳහා පැවැත් වූ මාර්ග පෙළ කණ්ඩය සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඊ ජී රවීන්ද්‍ර අණ දෙන ලදී.
මෙම නිරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපති තුමා මෙම කඳවුරේ සේවය කරන නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් හා සිවිල් පුද්ගලින් අමතා කථා කළ අතර ගුවන් හමුදාධිපති තුමාගේ පරීක්ෂණයට කඳවුර සූදානම් කරීම ගැන ස්තූති කරන ලදී. තවද කඳවුරේ ඉදිරි වැඩ සටහන් ගැනද දැනුවත් කරන ලදී.







































