ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් තායිලන්තයේදී පදක්කම් දෙකක් දිනා ගනී

තායිලන්තයේ පැවති නෝරත්  බැංකොක් යුනිවසිටි චැම්පියන්ෂිප් 2013 ජාත්‍යන්තර තරඟාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් සමත් විය. මෙම තරඟය 2013 ජුලි මස 08 වන දින තායිලන්තයේ බැංකොක් හදී පැවැත්විණි.

කි. ග්‍රෑ 60 බරපංතිය යටතේ තරඟ වැදුණු නායක ගුවන් භට ජයවර්ධන ටී ජී ආර් යන ගුවන් හමුදා ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර කි. ග්‍රෑ 90  බර පංතිය යටතේ තරඟ වැදුණු නායක ගුවන් භට වික්‍රමගේ ජේ එස් කේ යන ගුවන් භටයාද මෙම තරඟයේදී ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.

තවද මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සැරයන් ලීමගස්තැන්න කේ එල් සී කේ, ලාන්ස් කෝප්‍රල් පියන්ග එම් ඩී සහ සෙබල සමීර එස් ඒ එම් ඒ ඩී එම් යන ක්‍රීඩකයින්ද ගම්පොල ජිනරාජ බාලිකා මහා විද්‍යාලය නියෝජනය කරමින් ඩී ජී සී ඩී විජේරත්න යන ක්‍රීඩිකාව සහභාගී විය. ඔවුන්ද ලෝකඩ පදක්කම් එක බැගින් දිනා ගත් අතර පිලිවෙලින් කි ග්‍රෑ 55, කි ග්‍රෑ 100ට අඩු, කිග්‍රෑ 100ට වැඩි සහ කි ග්‍රෑ 45ට අඩු යන බර පංතීන් සඳහා තරඟ වැදිණ.

2013 ජූලි මස 30 වන දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ සභාපති මේජර් තරිඳු වීරසිංහ මහතා විසින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.