ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය අන්තර් ඒකක ජලපන්දු හා පිහිණුම් තරඟවලින් ජය ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය සියළු කණ්ඩායම් අභිබවමින් ලකුණු 135ක් ලබා ගනිමින් සමස්ථ අන්තර් ඒකක පිහිණුමි තරඟාවලිය 2013  ජය අත් කර ගත් අතර අන්තර් ඒකක ජලපන්දු පිරිමි හා කාන්තා තරඟවලින්ද ජය අත් කර ගන්නා ලදී.

මේ තරඟාවලිය සඳහා ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 200 ට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිණුම් ක්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් සීපී වැලිකල ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වන ලදී.

සමස්ථ ප්‍රතිඵල

ජලක්‍රීඩා පිරිමි
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
අණුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ

 
ජලක්‍රීඩා කාන්තා
ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
අණුශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අණුරාධපුර



පිහිණුම් සමස්ථ ප්‍රතිඵල
පළමු ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය - ලකුණු 135
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අණුරාධපුර - ලකුණු 110
තුන්වන ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ - ලකුණු 75




පිහිණුම්



ජලක්‍රීඩා

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.