සූඩාන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානී ශ්‍රී ලං ගු හ මූලස්ථානයේ සංචාරයක

සූඩාන් රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ජෙනරල්(විශ්‍රාමික) (Psc) අබ්ඩෙල් රෙහාමන් මොහොමඩ් සීන් අහමඩ්, 2013 අගෝස්තු මස 27 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.



ආරක්ෂක ප්‍රධානියා සමඟ ජාත්‍යන්තර සඹඳතා අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් මුබාරක් අබ්දුල්ලා බබීකර් අලි (විශ්‍රාමික) (Psc) සහ ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් මොහොමඩ් අලි එම් මොහොමඩ් ආරක්ෂක සහයාක නිලධාරී බ්‍රිගේඩියර්  (Psc) ගමරෙල්ඩින් එම් එෆ් හමීඩ්  සහ ලේකන නිලධාරී මහිල්දින් යූසප් මොහොමඩ් පැමිනෙන ලදී.



ජෙනරල් අබ්ඩෙල්රෙහාමන්ගේ දින පහක ශ්‍රී ලංකා සංචාරයේ එක් අංගයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරය කරන ලද අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවීය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතාද සහභාගී වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.