"ස්කයි ෆ්ලෑෂ් 2013"

රජරට පුරවරයට නැවුම් ඇත්දැකීම් සම්භාරයක් ගෙනදෙමින් "ස්කයි ෆ්ලෑෂ් 2013" ගුවන් සංදර්ශන හා අධ්‍යානික ප්‍රදර්ශනය ගුවන් හමුදා ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් පී.ඩී.ජේ කුමාරසිරි නිලධාරී තුමන් අතින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී (සැප්:05) විවෘත කරන ලදි.

මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රථමයෙන් ප්‍රධාන ආරාධිට්ඝ අමුත්තා විසින් ප්‍රදර්ශන භූමිය පුරා සංචාරයක නිරත වෙමින් මෙය ජනතාවට නැරඹීම සඳහා සුදුසු තත්ත්වයක ඇතිදැයි පරීක්ෂා කරන ලදි. ප්‍රදර්ශන භූමිය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව අති විශාල ජන ගඟක් මේ වෙත ඇදී ආ අතර පාසල් ළමුන් දහසකට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන ලදි. ඒ අතරින් හිඟුරක්ගොඩ මෙන්ම පොලොන්නරුව සහ තවත් දුර බැහැර පළාත් වලින් නරඹන්නන් සහභාගී වූ අතර නරඹන්නන් සඳහා විශේෂ බස් රථ සේවාවක්ද ගුවන් හමුදාව විසින් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරාවට සපයා දී ඇත.

ප්‍රදර්ශන භූමිය අක්කර 15ක් පුරාවට විහිදී ඇති අතර අධ්‍යාපන, වෙළඳ, ආහාර, ඇඳුම් පැළඳුම්, කෘෂි, රූපලාවන්‍ය යන අංශයන් ඇතුළුව ප්‍රදර්ශන කුටි 100 කට අධික ප්‍රමාණයක් ඒකිනෙකාගේ අවශ්‍යතාවයන් වලට සරිලන පරිදි ස්ථාපිත ඇත. තවද ප්‍රදර්ශනය පුරාවට සජීවී ගුවන් යානා සංදර්ශන, සංගීත සංදර්ශන, සරඹ සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකා සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, ගිනිඅවි සංදර්ශන, විලාසිතා සංදර්ශන (ගුවන් හමුදා නිළ ඇඳුම්) ඇතුළු තවත් බොහෝ දේ මේ සඳහා ඇතුලත්ය.

මෙම සියළුම අංගයන්ගෙන් සම්පූර්ණ "ස්කයි ෆ්ලෑෂ් 2013" ප්‍රදර්ශන භූමිය සැප්තැම්බර් මස 09 වන දින දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ඔබ වෙනුවෙන් විවෘතව පවතී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.