ජාතික කබඩි තරගාවලියේ වැඩි ගෞරව ගුවන් හමුදාවට

පසුගිය 28 සහ 29ය යන දෙදින තුල මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති ජාතික කබඩි තරගාවලියේ වැඩි ගෞරවයක් ලබා ගැනීමට ගුවන් හමුදාවට හැකිවිය. ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අවසන් තරගයේ 23-13ක් වශයෙන් නාව්ක හමුදා කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් එහි ශූරතාවය ලබා ගන්නා ලදී.  

පිරිමි අවසන් පුර්ව තරගයේදී ගුවන් හමුදා ඒ කණ්ඩායම නාවික හමුදා ඒ කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයටත්, යුධ හමුදා ඒ කණ්ඩායම ගුවන් හමුදා බී කණ්ඩායම පරාජය කරමින්  අවසන් තරගයටත් සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගයේදී ඇතිවු අඳුරු ආලෝක තත්වය මත දෙපිලම සමශූරයින් බවට පත් කරමින් තරගාවලිය අවසන්විය.  

අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සබරගමුව මහ ඇමති මෙන්ම ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති මහීපාල හේරත් මැතිතුමා සහභාගී විය. ගුවන් හමුදා කබඩි සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ආර් එම් එම් එම් බී වැරැල්ලගම සහ ශ්‍රී ලංකා කබඩි සංගමයේ භාණ්ඩාගාරික විංග් කමාණ්ඩර් පී එන් ප්‍රනාන්දුපුල්ලේ ද තරගකරුවන්, ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරගාවලිය සඳහා පැමිණ සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.