ජාතික මල්ලව පොර ශූරතාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට

පසුගිය (08) වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති 75 වන ජාතික මල්ලව පොර තරගාවලියේ අනු ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායම සමත්විය. මෙහි ශූරතාවය නාවික හමුදා කණ්ඩායම සතුවිය.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහභාගී විය. ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් ඩබ් එම් කේ එස් පී වීරසිංහ ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් සහභාගී විය.

කණ්ඩායම ලබා ගත් පදක්කම් පහත දැක්වේ.

කි.ග්‍රැ. 50 - නායක ගුවන් භට ප්‍රනාන්දු කේටීඩබ් - පලමු ස්ථානය (රන් පදක්කම )
කි.ග්‍රැ. 50 - ගුවන් භට ප්‍රනාන්දු බීඑස්ඩී - තුන්වන ස්ථානය ( ලෝකඩ පදක්කම )
කි.ග්‍රැ. 55 - නායක ගුවන් භට පෙරේරා එල් ඒ ඩී ඩී - තුන්වන ස්ථානය ( ලෝකඩ පදක්කම )
කි.ග්‍රැ. 60 - ගුවන් භට ප්‍රනාන්දු ආර් යු එම් - පලමු ස්ථානය (රන් පදක්කම )
කි.ග්‍රැ. 66 - නායක ගුවන් භට මධුරංග ටී කේ එස් - දෙවන ස්ථානය (රිදී පදක්කම )
කි.ග්‍රැ. 84 - සැරයන් කළු ආරච්චි කේ ඒ ඒ එස් - තුන්වන ස්ථානය ( ලෝකඩ පදක්කම )
කි.ග්‍රැ. 96 - සැරයන් විජේසේකර කේපීඩීපී - දෙවන ස්ථානය (රිදී පදක්කම )
කි.ග්‍රැ. 96 - නායක ගුවන් භට අධිකාරි ඒ එම් පී එස්  - තුන්වන ස්ථානය ( ලෝකඩ පදක්කම )
කි.ග්‍රැ. 120 - නායක ගුවන් භට කල්යාන කේබීආර් - දෙවන ස්ථානය (රිදී පදක්කම )

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.