රාජපක්ෂ කුසලානය ගුවන් හාමුදා වොලිබෝල් කණ්ඩායමට

"තාරුණ්‍යයට හෙටක්" මගින් සංවිධානය කරන ලද රාජපක්ෂ කුසලන වොලිබෝල් තාරගාවලියේ ශුරතාවය දිනා ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම ඊයේ (06) සමත් විය.

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ වලස්මුල්ල අරුණ ක්‍රීඩා පිටියේදි පැවති අවසන් තරගයේදි ගුවන් හමුදා කණ්ඩායම 3/0 ක් ලෙස තරුණ සේවා කණ්ඩායම පරාජයට පත්කරන ලදි.

විශිෂ්ඨ තරග විලාසයක නිරතවු ගුවන් හමුදා කණ්ඩායම 27-17, 25-21, 25-21 ක්  ලෙසින් සියළු තරග වට ජයගන්නා ලදි. මෙහිදි දක්ෂතම දැල ආවරණය කරන්නා ලෙස කෝප්‍රල් අබේකෝන්,දක්ෂතම පන්දු සකසන්නා ලෙස කෝප්‍රල් ජගත් සේනාධීර ,දක්ෂතම ප්‍රහාරකයා ලෙස කෝප්‍රල් අසංක ප්‍රදීප් ගුවන් හමුදා කණ්ඩායමේ සම්මාන ලබාගත් ක්‍රීඩකයින් විය.

තරුණ සේවා කණ්ඩායම වෙනුවෙන් අමිල සදරුවන් දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙසත් දිනුක් ලක්ෂාන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලබා ගත්තේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.