වෛද්‍ය සායනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔත්නපිටිය ප‍්‍රාථමික විදුහලේ

දැයට කිරුළ සංවර්ධන වැඩසටහනක් ලෙසින් වෛද්‍ය සායනයක්, දැනුවත් කිරීමේ සහ පිලිසකර කිරීමේ වැඩසටහන් මාලාවක් වරකාපොල නෙලූන්දෙනිය ඔත්නපිටිය ප‍්‍රාථමික පාසලේදී පසුගිය දෙසැම්බර් මස 12 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලය, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරන ලදී.

වෛද්‍ය වැඩසටහන් මාලාව මිරිගම ගුවන් හමුදා කඳවුර මගින් පවත්වනු ලැබූ අතර වෛද්‍ය නීළධාරීන් අට දෙනෙකු හෙද හෙදියන් සහ පරිපූරක වෛද්‍ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහා සිවිල් වැසියන් සඳහා විදුහල් ප‍්‍රධෘන ශාලාවේදී පවත්වන ලදී. එසේම 600 කට අධික ප‍්‍රමාණයක් වෛද්‍ය පහසුකම් මේ මගින් සලසා ගෙන ඇති අතර ඉන් 200 දෙනෙකු පමණ විශේෂඥ වෛද්‍ය උපදෙස් හා ප‍්‍රථිකාර ලබා ගැනීම සඳහා යොමු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඞී එම් එස් කරුණාරත්න, මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් සි කේ පල්ලෙවෙල සහ සේවා වනිතා ඒකකයේ සහ සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිළධාරීන් නිළධාරිනියන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.