ගුවන් හමුදාව ඩයලොග් ලීග් පාපන්දු අවසන් තරඟයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම විසින් අනුරාධපුර සොලිඞ් පාපන්දු කණ්ඩායම 2-1 ක් ලෙසින් පරාජය කරමින් ”ඩයලොග් දැම්පියන්ස් ලීග්” පාපන්දු තරඟාවළියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය. තරඟය පසුගිය දෙසැම්බර් මස 17 වන දින කොළඹ පෙලිස් පාර්ක පිටියේදී පැවැත්විණි.

විදෙස් ක‍්‍රීඩකයින් තිදෙනෙකුගේ සහය ලබා ගන්නා සොලිඞ් පාපන්දු කණ්ඩායම තියුනණු තරඟයක් ලබා දුන් අතර තරඟයේ පළමු අර්ධයේ 29 වෙනි මිනිත්තුවේදී නායක ගුවන් භට ජනක චමින්ද විසින් පළමු ගෝලය ලබා ගන්නා ලදී. පළමු අර්ධයේදී 1-1 ක් ලෙසින් සම තත්වයෙන් පසුවූ තරඟයේ දෙවන අර්ධයේ 34 මිනිත්තුවේදී ගුවන් හමුදාවේ නායක ගුවන් භට ඩිල්ෂාන් විසින් දෙවන ගෝලය වාර්තා කරන ලද්දේ අවසන් මහා තරඟයට පාර කපමිනි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.