අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවළිය 2013

2013 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 19 වෙනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි. එහිදී පිරිමි අංශයේ ශූරතාවය කටුනායක 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය සහ කාන්තා අංශයේ ශූරතාවය කටුනායක සැපයුම් හා නඩත්තු ඩිපෝව සමත් විය.  

එක් එක් කඳවුරු හා ඒකකයන් නියෝජනය කරමින් මල්ලවපොර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවළියට සහභාගී වූහ. බරපන්තීන් හතක් යටතේ ක‍්‍රියාත්මක වුණු තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගත් කටුනායක 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය ප‍්‍රසාද ලකුණු 38 ක් ලබාගත් අතර එහි අනු ශූරතාවය චීන වරාය විද්‍යාපීඨ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 13 ක් බලා ගන්නා ලදී.  මෙහිදී කාන්තා ශූරතාවය කටුනායක සැපයුම් හා නඩත්තු ඩිපෝව හා එහි අනුශූ_රතාවය දියතලාව පුහුණු කඳවුර විසින් දිනාගනුලබන්නේ පිළිවෙලින් ප‍්‍රසාද ලකුණු 21 සහ 16  වශයෙන් ලබා ගනිමිනි.

මෙහිදී වව්නියාව ගුවන් හමුදා කඳවුරේ කෝප‍්‍රල් චානක කේ ඞී සහ දියතලාව පුහුණු කඳවුරේ නායක ගුවන් කාන්තා ඉන්ද්‍රසාරි ජී එච් ඒ විසින් දක්‍ෂතම මල්වපොර ශූරයා සහ ශූරිය ලෙසින් සම්මාන ලබීය. ජාතික මල්ලවපොර සම්මේලනයේ සභාපති සහකාර පොලිස් අධිකාරී ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් සහභාගී විය. ගුවන් හමුදා මල්ලවපොර සභාපති ගෲප් කැප්ටන් වීරසිංහ ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් ණිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.