පළමු සරඹ උපදේශක නැවත මතක් කර දීමේ පාඨමාලාව

ගුවන් හමුදා සරඹ උපදේශකයන් හට සරඹ උපදේශක ක‍්‍රියාපටිපාටිය නැවත මතක් කර දීමේ පළමු පාඨමාලාව පසුගියදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිමාවට පත්වන ලදී. මෙම පාඨමාලාව ප‍්‍රථම වතාවට පවත්වනු ලැබූ අතර සරඹ උපදේශකයින් 15 කු පසුගිය දෙසැම්බර් මස 17 සිට 27 වන දින දක්වා පැවති මෙම පාඨමාලාවට සහභාගී වූහ.

අංක 43 වන වර්ණ පක්‍ෂාංගයේ සරඹ උපදේශකයින් මෙම පාඨමාලාවට සහභාගී වූ පුහුණුවන්නන් හට ඉගැන්වීම සඳහා තම උපරිම කැපවීම යොදවන ලදී. ඒ අනුව පුහුණු වූ සරඹ උපදේශකයින් මනා හැකියාවන්ගෙන් පිරිපුන් සරඹ උපදේශකයින් ලෙසට ගුවන් හමුදා සේවයට නැවත එක් වෙයි. මෙම පාඨමාලාව ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල විසින් මග පෙන්වන ලදී. පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය පසුගිය දෙසැම්බර් මස 27 වන දින සිදු කරන ලදී.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.