බෝමිබ නිශ්කරීහා ය පාඨමාලාවන් විසිර යයි.

අංක 26 නිළධාරි, අංක 41 ගුවන් භට සහ අංක 17 නාවික හමුදා මූලික බෝමිබ නිශ්ක්‍රීය පාඨමාලාවන්ගේ විසිරයාමේ පෙලපාලිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කඳවුරේදී  2014 පෙබරවාරි මස 09 වන දින පැවැත්වීය.  37 දෙනෙක්ගෙන් යුත් පුහුණුවන්නන් අතර  ගුවන් හමුදා නිළධාරින් 03 දෙනෙක්ද, නාවික හමුදා නිළධාරින් දෙදෙනෙක්ද, ගුවන් භටයින් 28 දෙනෙක් සහ නාවික හමුදා සෙබලුන් සිවුදෙනෙක්ද මාස 05ක පුහුණු කාලයක් අවසානයේ සාර්ථක ලෙසපුහුණුව නිමාවට පත්විය.

බලපංති ලුතිනන් ආර් සී. එන්. රන්නෙත්ති සහ නායක ගුවන්භට අරවින්ද ටී එචි එස් යන අයවලුන් පිලිවෙලින් පාඨමාලාවෙහි දක්ෂසතම නිළධාරියා සහ දක්ෂනතම ගුවන් භටයා විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කඳවුරු අණදෙන නිළධාරි  ගෲප් කැප්ටන් ඉන්දික වීරරත්න මේ අවස්ථාව සඳහා ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කඳවුරේ සියලුම නිළධාරින් සහ සෙසු නිලයින් මේ සඳහා සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.