ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රදර්ශනය කටුනායකදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ කේක් සහ නිර්මාණ ප‍්‍රදර්ශනයක් පසුගියදා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදි.  එහිදී කේක් ආකෘති, උපන්දින කේක්, එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. ගුවන් හමුදා කටුනායක කඳවුරේ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම ප‍්‍රදර්ශනයේදී ජයග‍්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.

ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ ඇතුළු නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.