ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මාර්තු මස 03 වන දින ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය හා යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක හමුවිය.
යුධ හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී.
මෙහිදී සමරු ඵලක හුවරමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.









































