කොළඹ ගුවන් හමුදා කඳවුරේ පෞර්ෂ්‍යත්ව වර්ධන හා රූපලාවන්‍ය වැඩමුළුවක්

කොළඹ ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් සංවිධනය කරන ලද පෞර්ෂත්ව වර්ධන හා රූපලාවන්‍ය වැඩමුළුවක් පසුගිය මාර්තු මස 7 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරේදි පවත්වන ලදි. මෙය ලෝක කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලැබූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙහිදී ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී නේත‍්‍රාන්ජලී මාපිටිගම මහත්මිය විසින් පවුල් සංවිධානය පිළිබඳව දේශනයක් සිදු කරන ලද අතර කෝප‍්‍රල් ප‍්‍රියංකර විසින් ආහාර පිසීමේ වැඩමුළුවක් ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදා ”ක්ලිපර්ස් ” රූපලාවන්‍යාගාරය මගින් රූපලාව්‍ය වැඩසටහන් සිදු කරන ලදී.

සමන්ති බුලත්සින්හල මහත්මිය, කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිරංජලා වීරකෝන් මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකවන්, නිළධාරීනියන් සහ ගුවන් කාන්තාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.