ගුවන් හමුදා පාපැදි සවාරිය 2014

2014 ගුවන් හමුදා පාපැදි සවාරිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡුාවක් පසුගිය මාර්තු මස 10 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදි. 15 වන වතාවට පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර මාර්තු මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වේ.

කිලෝමීටර් 409.2 ක දුරකින් යුක්ත වන මෙවර තරඟය අදියර 03 කින් පවත්වනු ලබන අතර එහි පළමු අදියර කොළඹ සිට දඹුල්ල (කි. මී 148* දක්වා ද, දෙවන අදියර දඹුල්ල සිට වව්නියාව (කි.මී. 120.2* දක්වා ද, වව්නියාව සිට යාපනය (කි.මී. 141* දක්වා තුන්වන අදියරද පවත්වනු ලබයි. කාන්තා පාපැදි තරඟය මාර්තු මස 22 වන දින දොරේඅප්පා ක‍්‍රීඩාංගනයේ සිට පේදුරුතුඩුව හරහා නැවත ආරම්භක ස්ථානයටම පැමිණෙනු ලබන අතර කි. මී. 82.1 ක දුරක් පවත්වනු ලබයි.

මෙහිදී උතුරු පලාතේ රේසිං පාපැදි ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම උදෙසා උතුරු පලාත් පාපැදි සම්මේලනයේ සභාපති හට පාපැදි ලබාදීමක්ද සිදු කරන ලදි. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් මෙම පාපැදි ලබා දීම සිදු කරන ලදි.

මෙවර තරඟාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය අබාන්ස් සමුහ ව්‍යාපාරය විසින් සපයනු ලබන අතර ජාතික රූපවාහිනිය මාධ්‍ය අනුග‍්‍රහය සපයනු ලබයි. මෙහිදී අබාන්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බුද්ධික ධර්මවර්ධන මහතා විසින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හට අනුග‍්‍රාහක චෙක් පත ලබා දීම සිදු කරන ලදි.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.