වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක වාර්ෂික පරීක්‍ෂණය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින පවත්වන ලදී. පෙළපාලියේ අණදෙන්නා වශයෙන් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කපිල වනිගසූරිය කටයුතු කරන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපති ඇගයීම් ප‍්‍රදානය කිරීමද සිදු කරන ලදී. සැරයන් කුමාර්සිංහ එච්කේඑම්යූඑස් , කෝප‍්‍රල් සෙනෙවිරත්න ඩිආර්, කෝප‍්‍රල් කුලසේකර කේඑම්පීඑම්, සහ සිවිල් සේවක ඊආර්ජීආර් බණ්ඩාර මහතා මෙසේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයිමට ලක්වූහ.

මෙහිදී වව්නියාව ගුවන් හමුදා කඳවුරේ සියළුම ස්ථානයන් පරීක්‍ෂාවට භාජනය කල අතර මාමඩුව ගුවන් හමුදා පහිනාංකයද පරීක්‍ෂනයට භාජනය කරන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින්, අළුතින් ඉදිරන ලද අංක 02 මෝටර් යාන්ත‍්‍රික නඩත්තු හා අළුත්වැඩියා පක්‍ෂාංගය විවෘත කරන ලදී.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර මෙතෙක් ඔවුන් ගුවන් හමුදාවට දැක්වූ දායකත්වය අගය කරනු ලබන බවත් ඉදිරියටත් අවශ්‍ය කරන බව ප‍්‍රකාශ කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.