ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළියේ පළමු ජය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරඟාවළිය අරඹමින් මුහුණ දුන් ප‍්‍රථම තරඟයෙන්ම ජයග‍්‍රහණය අත්කරගනිමින් තරඟාවළියේ පෙරමුණ ගන්නට සමත්විය. මැයි මස 07 වන දින සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ මෙම තරඟය භූතානයේ උග්යෙන් ඇකඩමි පාපන්දු සමාජ කණ්ඩායම සමග පවත්වනු ලැබිණි.

මෙහිදී 1-0 ක් ලෙස ජයග‍්‍රහණය කරන ලද ගුවන් හමුදාවේ ලබාගත් එකම ගෝලය නායක ගුවන් භට නිපුන දේවින්ද බන්ඩාර විසින් තරඟයේ දෙවන අර්ධයේදී ලබාගනු ලැබිණි.

තරඟාවළියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය බංගලාදේශයේ රසල් කරීරා චක‍්‍රා පාපන්දු සමාජ කණ්ඩායම සමග මැයි මස 09 වන දින සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.




TV news video links

ITN News
Sirasa TV News

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.