විජයග‍්‍රහණයේ පස්වස් පුර්ණය අභිමානවත්ව සමරයි

විජයග‍්‍රහණයේ පස්වස් පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2014 මැයි මස 18  වන දින මාතරදී අභිමානවත්ව සැමරීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය ඔසවා උත්සවයේ සමාරම්භය සනිටුහන් කළේය. විජයග‍්‍රහණ පෙලපාළිය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූහ.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ගරු අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, ගරු කථානයක චමල් රාජපක්ෂ, මැති ඇමතිවරු, විදේශ තානාපතිවරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී , යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති , නාවික හමුදාධිපති , පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශයේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ගුවන් හමුදාවේ නිළදාරීන් නිළධාරිනියන් ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් පෙළපාළියේ ගමන් ගත් අතර ගුවන් හමුදාවට අයත් බෙල් 212, බෙල් 412, එම්අයි 17, එම්අයි 24, පීටී 6, වයි 12, ඒඑන් 32, එම්ඒ 60, කේ 8, එෆ් 7, කෆීර් සහ මිග් 27 ගුවන් යානා ද සංදර්ශනයේ නිරත විය. එසේම මානූෂීය මෙහෙයමට දායක වූ ගුවන් හමුදාවේ ගුවන් නාශක අවි රේඩාර් යන්ත‍්‍ර, අවි ආයුධ ආදියද ප‍්‍රදර්ශනය කරන ලදී.

 

ගුවන් යානා පෙලපාළිය  02 වන බලඝනය



ගුවන් යානා පෙලපාළිය  01 වන බලඝනය



ගුවන් යානා පෙලපාළිය  05 වන බලඝනය



ගුවන් යානා පෙලපාළිය  09 වන බලඝනය



ගුවන් යානා පෙලපාළිය  12 වන බලඝනය


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.