පැරෂුට් පැනීමේ පාඨමාලාවන් සාර්ථකව විසිර යයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් එහි 27 සහ 28 වන මූලික පැරෂුට් පාඨමාලාව, අංක 06 මූලික නිදහස් ආර පාඨමාලාව සහ අංක 05 මූලික පැරිෂුට් එතීමේ සහ නඩත්තු කිරීමේ පාඨමාලාවන් සාර්ථකව හැදෑරූ ගුවන් හමුදා නිළධාරින් සහ ගුවන් භටයින් 67 දෙනෙකුද, ගුවන් කාන්තාවන් 09 දෙනෙකුද, නාවික හමුදා නිළධාරියෙකු සහ  පොලිස් විශේෂ කාර්්‍යය බලකායේ සාමාජිකයින් දෙදෙනෙකුද විසිරයාමේ උත්සවය අද දින(30) අම්පාර ගුවන්හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනී. තවද මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයද, ගුවන් හමුදා අම්පාර කඳවුරු අනදෙන නිළධාරි ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් සී ජේ ගොඩකන්ද සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුලූ ත‍්‍රිවිධ හමුදාවේ උසස්නිළධාරීන් ද විසිර යනුලබන පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගි විය.

මෙම පාඨමාලාවන් 2014 මැයි මස 06 දින සිට 2014 ජූනි මස 30 වන දින දක්වා අසීරු ගොඩබිම් පුහුණුවකින් පසු අම්පාර සහ කටුණායක ගුවන් හමුදා කඳවුරු වලදී අඩි 1000ක උස සිට පැරිෂුට් පැනීම් 07ක් සම්පූර්ණ කර අද දින මෙම පැරෂුට් භටයින් සාර්ථකව විසිර යන ලදී.

මෙම විසිරයාමේ උළෙල විචිත‍්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩ‍්‍රයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 5000ක ඉහල අහසේ  සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂී පැරෂුට් පිම් සහ ගුවන් හමුදා තූර්්‍යවාදක කණ්ඩායමේ සහ ගුවන් හමුදා වර්ණ බලඝණය ඉදිරිපත් කල සරඹ හා තූර්්‍යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.