චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පසුගිය ජූලි මස 3 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට ලක් කරන ලදී. පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එම්එස්කේබී කොටකදෙණිය විසින් ගුවන් හමුදාධිපති තුමන් පිළිගන්නා ලදී.

වාර්ෂිකව පවත්වනු ලබන ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ මාලාවට අනුව පවත්වනු ලැබූ මෙම පරීක්‍ෂණයේදී 42162 නායක ගුවන් භට සේනානනායක එස් ඒ එස් පී (ගුවන් රෙදෙව්*, 020087 නායක ගුවන් භට බණ්ඩාර ඩබ් එම් ජී සී (මෙහෙයුම් භූමි*, 022669 නායක ගවන් භට ධනපාල බී කේ එස් එස් (යන්ත‍්‍ර කි‍්‍රයාකරු*, 024196 නායක ගුවන් භට ජෆරුල්ලා යූ (මෙහෙයුම් කෘෂි*, මුජිබ් රහුමාන් මහතා (ගබඩාකරු* සහ පී ටී හබිබුල්ලා මහතා (කම්කරු* ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය, අංක 6 ගුවන් මෙහෙයුම් රේඩාර් බලඝණය, කණිෂ්ඨ අණ හා නමාණ්ඩලික පාසල, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ගේ කළමණාකරන පාසල, ගෙඩබිම් සටන් පුහුණු පක්‍ෂාංගය, අංක 24 රෙජිමේන්තු පක්‍ෂාංගය, විද්‍යාපීඨ රෝහල ඇතුළු අංශ ගණනාවක් ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට ලක් විය.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අළුත්වැඩියා කරන ලද ඇස්ට‍්‍රා සිනමා ශාලාව විවෘත කරන ලදි. 1945 වසරේදී ඉදිකරන ලද මෙම ඇස්ට‍්‍රා සිනමා ශාලාව අතීත භාවය ආරක්‍ෂා වන පරිදි අළුත් වැඩියා කරන ලද අතර මෙහි 250 කුට පමණ චිත‍්‍රපට නැරඹිම, නාට්‍ය හා සම්මත‍්‍රන  සඳහා සහභාගී වීමේ අවස්ථාව ඇත.

එසේම ගුවන් හමුදාධිපති තුමන් විසින් හෙලිටුවර්ස් ටිකට්පත් කාර්යාලයක් ද විවෘත කරන ලදී. පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පීඨාධිපතිතුමන් ඇතුළු විද්‍යාපීඨයේ සියළුම නිළයන් අමතන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.