බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා භූමි මෙහෙයුම් සහ ගුවන් ආරක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රවීනතා පාඨමාලාව 2014

ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා වූ භූමි මෙහෙයුම් සහ ගුවන් ආරක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රවීනතා පාඨමාලාව පසුගියදා සිදු කරන ලදී. මෙම පාඨඹාලාව හැදෑරූ දෙවන කණ්ඩායම පසුගිය ජූලි මස 4 වන දින තම පාටමාලාව සාර්ථකව නිමකරන ලදී. ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍සකතුමන්ගේ අනුදැනුම මත දියතලාව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ් ඩබ් පි ඞී ප‍්‍රනාන්දු සහ නිළධාරී අණදෙන පුහුණු ජී පී එන් සී පියසේන විසින් පාඨමාලාව මෙහෙයවන ලද අතර පාඨමාලාව අපේ‍්‍රල් මස 28 වන දින සිට ජූලි මස 4 වන දින දක්වා පවත්වන ලදී. 

නිළධාරීන් හතරදෙනෙකු, කණිෂ්ඨ අධිකාරීනොලත් නිළධාරීන් හය දෙනෙකු විසින් පාඨමාලාව මෙහෙයවන ලද අතර අවි පුහුණුව, පුද්ගලික සටන් හැකියාව, ගුවන් හමුදා කඳවුරක භූමි මෙහෙයුම් හා ගුවන් මෙහෙයුම් යාන්ත‍්‍රණය, බුද්ධි තොරතුරු, පොදු පුහුණුවීම් හා සටන් භූමියකදී සිදු කල යුතු කි‍්‍රයාකාරකම් පිළිබඳව මෙහිදි පුහුණුව ලබා දෙන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.