දහසය වෙනි අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය

අතිගරු ජනාධිපතිතුමන් ගේ ප‍්‍රධානත්වයෙන් දහසය වෙනි අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 104 ක් භාරදීමේ උත්සවය පසුගිය ජූලි මස 05 වන දින අනුරාධපුරයේදි පවත්වන ලදි. හොරොව්පතාන මහා විද්‍යාලයීය ක‍්‍රිඩාංගනයේදී පවත්වනු ලැබූ මෙම උත්සවය ගරු ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ මෙහෙයවීම මත සංවිධානය කරන ලදී.

මෙහිදි යුධ හමුදාවේ 68 දෙනෙකුද, නාවික හමුදාවේ 23 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 13 දෙනෙකු හට නිවාස හිමිවු අතර අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔවුන්ට නිවාසයන්හි යතුරු භාරදීම සිදු කරන ලදී. එසේම නිවාස භාරදීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් යුධ හමුදාවේ කෝප‍්‍රල් අමරසූරිය හා ලාන්ස් කෝප‍්‍රල් කේ පී කරුණාරත්න ගේ පවුල් වෙතට නිවාස භාරදීම සිදු කරන ලදී.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගොඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්‍ෂ, පාර්ලිමේන්තු සමාමාජිකයින්, උතුරු මැද පලාත් ප‍්‍රධාන අමාත්‍යකරුනාරත්න දිවුල්ගනේ, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, තිවිධ හමුදා නිළධාරීහු, පෙලිස් නිධාරීන් ඇතුලූ ප‍්‍රදේශවාසීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.