අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2014

රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 2014 අන්තර් ඒකක ගුවන් මේස පන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය  ජූලි මස 11 වන දින සමත්කම් දක්වන ලදි. එහි අනුශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලදි.

තුම්මුල්ල ගුවන් හමුදා ක‍්‍රීඩා සංකීර්ණයේ පැවති මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශී‍්‍ර ලංකා මේස පන්දු සම්මේලනයේ ලේකම් සමන් ශ‍්‍රී රත්නායක මහතා සහභාගී වූ අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ, ගුවන් හමුදා මේස පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් කේඑල් රණතුංග, ගුවන් හමුදා මේස පන්දු සම්මේලනයේ ලේකම් විංග් කමාන්ඩර් වීරසිංහ, ඇතුළු රැුසක් සහභාගී විය.

පිරිමි ඒකල විවෘත
පළමු ස්ථානය - නාගුභ සමන්ත - කොළඹ ගුවන හමුදා කඳවුර
දෙවන ස්ථානය - වසන්ත මහතා - චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය

කාන්තා ඒකල විවෘත
පළමු ස්ථානය - ෆ්ලයිට් ලෙෆ්ටිනන් ලියනගේ - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව
දෙවන ස්ථානය - සැරයන් කුමාරි මැණකේ  - චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය

පිරිමි යුගල ශූරතාවය
සැරයන් සුරේද්‍ර කුමාර, නාගුභ සමන්ත - කොළඹ ගුවන් හමුදා කඳවුර

කාන්තා යුගල ශූරතාවය
සැරයන් විතානගේ, කෝප‍්‍රල් චන්‍ද්‍රසිරි - ගුවන් හමුදා ++වෘත්තීය පුහුණු පාසල ඒකල

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.